For a creative society rich in knowledge through reading and writing.

[ NETBOOK CREATORS ]

NETBOOK E PUBLISH PROGRAM


[ NETBOOK E PUBLISH 100% නොමිලේ, සැඟවුණු මිල ගණන් නොමැතිව ]
වැඩි විස්තර සඳහා අමතන්න 0777394079/0332060716

Whatsapp


අපගේ කතා පොත්, කර්තෘවරුන් සහ නිර්මාණයන් සඳහා නීතිමය ආරක්ෂාව සැලසීම සඳහා ISBN ලියාපදිංචි කිරීම අපගේ ප්‍රමුඛතා අතර වේ. එමඟින් ඔබේ නිර්මාණය විශාල අවධානයකින් හා ආරක්ෂාවකින් යුතුව පවතී.


NETBOOK CREATORS Eligibility (සුදුසුකම්)


1.    වයස හා හැකියාවන්

○    කෙටි කතා, ළමා කතා, නවකතා හෝ අධ්‍යාපන කතා ලිවිය හැකි ඕනෑම වැඩිහිටි පුද්ගලයෙකුට හෝ පාසල් සිසුවෙකුට NETBOOK CREATOR කෙනෙකු වීමේ හැකියාව ඇත.

2.    හැඳුනුම්පත්

○    ජාතික හැඳුනුම්පත අනිවාර්යයි.
○    පාසල් සිසුන්ට දෙමාපියන්ගේ හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය භාවිත කළ යුතුය.
○    උසස් පෙළ සිසුන්ට තම හැඳුනුම්පත භාවිත කළ හැක.

3.    දුරකථන අංකය

○    ස්ථිර ජංගම දුරකථන අංකයක් අනිවාර්ය වේ.

4.    ඊමේල්

○    අත්‍යවශ්‍ය නොවුණත්, ඊමේල් ගිණුමක් තිබීම වඩාත් සුදුසුය.

5.    බැංකු ගිණුම

○     බැංකු ගිණුමක් තිබීම අනිවාර්යය.
○    පාසල් සිසුන්ට දෙමාපියන්ගේ  බැංකු ගිණුමක් භාවිත කළ යුතුය.


ID & Phone Verification (අනන්‍යතා සත්‍යාපනය)

1.    හැඳුනුම්පත් අංකය සහිතව NETBOOK ගිණුමක් සෑදිය යුතුය.
2.    ජංගම අංකය Verify කිරීම සදහා Netbook Verification Number භාවිත කළ යුතුය.
3.    මුහුණ පැහැදිලිව පෙනෙන ඡායාරූපයක් (profile picture) අත්‍යවශ්‍යය.
○    පාසල් සිසුන්ට පාසල් ඇඳුම සමඟ ඡායාරූපයක් දැමීම වඩාත් සුදුසුය.
○    විකෘති, අසැබි ඡායාරූප ප්‍රතික්ෂේප කරනු ලැබේ.


Submissions (ඉදිරිපත් කිරීම්)

1.    මුලින්ම FREE LIBRARY සඳහා ළමා කතා හෝ කෙටි කතා 5ක් (100-500 වචන අතර) ඉදිරිපත් කළ යුතුය. එවිට netbook creators නිල සමාජිකත්වය ඔබට අප ලබා දෙයි
2.    භාෂා: සිංහල, දෙමළ, ඉංග්‍රීසි (එකම කතාව භාෂා තුනෙන් ඉදිරිපත් කළ හැක).
3.    සියලුම කතා ඔබගේම නිර්මාණ විය යුතුය. වෙනත් කර්තෘවරුන්ගේ කෘති  භාවිතය තහනම්.
4.    ISBN අංකයක් අවශ්‍ය නම් අපගෙන් ලබාගත යුතුය 0332060716 අමතන්න (ගාස්තුව රු. 430).
5.    Scan කළ කතා නොවිය  යුතුය.
6.    අසැබි අන්තර්ගතය, කවර, ඡායාරූප වලංගු නොවේ.
7.    පොත් කවරය අනිවාර්ය වේ: 12.88cm (width) x 17.99cm (height),,resolution 72 pixels/inch
8.    නිවැරදි වචන ගණන ඇතුලත් කළ යුතුය.
9.    PDF ආකෘතියෙන් සකස් කළ යුතුය:
○    Headline Font Size: 22pt
○    Normal Font Size: 17pt

PDF සෑදීමට හ‌ෝ පොත් කවරය සෑදීමට නොහැකි නම්  “ඔබේ නම,කතාවේ නම,කතාව” ඇතුළත් කර whatsapp ඔස්සේ අප වෙත එවිය යුතුය.පසුව අප  ඔබේ කතාවේ අක්ෂර වින්‍යාසය නිවැරදි ලෙස පරීක්ෂා කර බලා වැරදි සංස්කරණය කර ඔබට පැය 48ක් වැනි සුලු කාලයක් තුලදී “සකසා අවසන්” යනුවෙන් Whatsapp මගින් දැනුම් දෙයි.එවිට අප ලබාදෙන temporary cover , temporary book file upload කළ යුතුය.ඉන්පසුව අප ඔබගේ කතාව PUBLISH කළ පසු ඔබගේ දුරකථන අංකයට කෙටිපණිවිඩයක් එවනු ලබයි. 

Whatsapp link - SEND YOUR STORY
temporary cover - DOWNLOAD
temporary book file - DOWNLOAD

සැළකිය යුතුයි free Library සේවාව මඟින් ඔබ වඩාත් ප්‍රසිද්ධ කර්තෘ නිර්මාණකරුවෙකු බවට පත්කරන අතරම ඔබේ කතාවේ නිර්මාණශිලිත්වය වැඩිවෙන තරමට පාඨක පිරිස වර්ධනය කර ගැනීමට හැකියාව ඇත.

 

Payments (ගෙවීම්)

1.    ගෙවීම් සඳහා බැංකු විස්තර නිවැරදිව ඇතුලත් කළ යුතුය.
2.    සෑම සඳුදාකම අවමය රු. 1000/=ක් හෝ වඩා උපයා ඇත්නම් ගෙවීම් සිදු කරයි.
3.    පාසල් සිසුන්ගේ ගෙවීම් දෙමාපියන්ගේ ගිණුමට බැර කරයි.


Copyright & Intellectual Property (ප්‍රකාශන/බුද්ධිමය හිමිකම්)

1.    ඔබගේම නිර්මාණය පමණක් ඉදිරිපත් කළ යුතුය.
2.    වෙනත් කවුරුන්ගේ කතා වංචනිකව ඉදිරිපත් කිරීම නීතිවිරෝධී වේ.
3.    එවැනි අවස්ථාවලදී NETBOOK කිසිදු වගකීමක් දරන්නේ නැත. සියළු වගකීම් ඔබ සතුය.


සෑම NETBOOK කර්තෘ නිර්මාණකරුවෙකුම තමාගේම නිර්මාණයක් ඉදිරිපත් කළ යුතු අතර අන්සතු, අන්අයගේ, කර්තෘ නිර්මාණ හිමිකම ඇති වෙනත් කර්තෘ නිර්මාණකරුවෙකුගේ නිර්මාණ තමාගේ ලෙස වංචනිකව ඉදිරිපත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි . NETBOOK අපගේ නීතිරීතිවලට අනුව එසේ සිදුකිරීම නීතිරීති උල්ලංඝණය කිරීමකි.එසේ සිදු කළහොත් සම්පූර්ණ වගකීම එලෙස වංචනිකව පළ කරන පුද්ගලයා සතුබවද වංචනිකව ඉදිරිපත් කරන සෑම නිර්මාණයක් සඳහා සැබෑ හිමිකරු කරන චෝදනා හෝ එම පුද්ගලයා ගන්න‍ා සියලු නීතිමය පියවරයන් වලට NETBOOK  අප වගකීම් දරන්නෙ නැතිබවද තරයේ මතක තබා ගත යුතුය.


කර්තෘ නීති සහ රීති කෙටියෙන්
(Authors’ Terms & Conditions)

1. අන්තර්ගතයේ වගකීම
●    ඔබ ලියන කතා,කෙටිකතා හෝ වෙනත් ලිවීමකට ඔබම සම්පූර්ණ වගකිව යුතුය.
●    වෙනත් අයගේ ලියවිලි පිටපත් කිරීම තහනම් වේ.

2. මූලිකත්වය
●    ඔබගේ ලිපි සම්පූර්ණයෙන්ම ඔබ විසින්ම නිර්මාණය කළ අලුත් අන්තර්ගත විය යුතුය.
●    අසත්‍ය තොරතුරු ඇතුළත් නොවිය යුතුය.

3. තහනම් අන්තර්ගතය
●    පහත සඳහන් අන්තර්ගතය යටතේ පළ කරන ලිපි තහනම් වේ:
○    නින්දා සහිත
○    වෛරස ඇති
○    අසභ්‍ය
○    ජාතිවාදී / ආගම්වාදී
○    වංචාකාරී
○    ලිංගික අන්තර්ගතය
එවැනි ඉදිරිපත්කිරීම් වලදී NETBOOK කිසිදු වගකීමක් දරන්නේ නැත. සියළු වගකීම් ඔබ සතුය.

4. භාෂාව සහ නිවැරදිව ලිවීම
●    ඔබගේ කතා,කෙටිකතා සිංහල භාෂාවෙන් හෝ ඔබට හැකිනම් නිවැරදි ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න.
●    අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණය හැකිතාක් නිවැරදිව තබන්න.

5. සංස්කරණය සහ ප්‍රකාශනය
●    ඔබගේ කතා,කෙටිකතා වෙබ් අඩවිය විසින් සංස්කරණය කළ නොහැක . පෙර පරිදි  සකසා නැවත ඉදිරිපත් කළ යුතුය.
●    වෙබ් අඩවියට  කතා,කෙටිකතා ප්‍රකාශනය කිරීමෙන් පසුව එය ඉවත් කිරීමේ පූර්ණ අවසරය NETBOOK සතුවේ.

6. ලියාපදිංචි තොරතුරු
●    ලියාපදිංචි වීමේදී ලබාදෙන නම, විද්‍යුත් ලිපිනය, හා අනෙකුත් තොරතුරු සත්‍ය විය යුතුය.
●    අසත්‍ය තොරතුරු ලබාදීමෙන් ඔබගේ ගිණුම අවලංගු කළ හැක.

7. අයිතිවාසිකම්
●    කතා,කෙටිකතා හිමිකම ඔබ සතු වුවත්, වෙබ් අඩවියට එය ප්‍රචාරය කිරීමේ බලය හිමිවේ.

8. නීතිමය ක්‍රියාමාර්ග
●    මෙම නීති රීති උල්ලංඝනය කිරීමෙන් කතා,කෙටිකතා ඉවත් කිරීම සහ ගිණුම අවලංගු කිරීම සිදු විය හැක.