BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Middle Kids stories |
FUFU | 𝐂𝐎𝐋𝐔𝐃 𝐍𝐄𝐒𝐓
ෆුෆූ
𝐂𝐎𝐋𝐔𝐃 𝐍𝐄𝐒𝐓
එල්ඩෝරියා කියන මනරම් දේශයේ හිම කැලෑවකින්
වටවෙලා තියෙන ස්ටෙප්-වුඩ් නම් මායාකාරී ගම්මානය තරම් සුන්දර ගම්මානයක් කිසිම තැනක
තිබුනේ නෑ. ශීත කාලය, මුලු ලෝකයෙන්ම දිදුලන
ආශ්චර්යමත් දේශයක් බවට ස්ටෙප්-වුඩ් ගම පරිවර්තනය කළා. හිම පතනයෙන් ගස් වගේම බිම
හැමතැනම, සිනිඳු සුදු ඇතිරිල්ලක් වගේ වැසී ගියා. වනාන්තරයේ හැම සතෙක්ම හිම වගේම
සුදු ලොම් වලින් පිම්බිලා පුළුන් බෝල වගේ පෙනුනා.. සිහින් හිම පතනයට යටින්
වනාන්තරය බබළනවා; ඒ තුහීන වනාන්තරය හරහා හැමෝම
ගමන් කරන්නට වුනා. මේ හැමෝම අතරේ හරි විශේෂ කැපිලා පේන කෙනෙක් හිටියා. ඒ පුංචි
ෆුෆූ! හැමෝටම හිම සහිත වටපිටාව එක්ක හොඳින් මුසු වෙන්න පුළුන් වගේ ලොම් තිබුනට, ෆුෆූ කියන්නේ
කිළිටි පැහැ තද දුඹුරු ලොම් වලින් කැපී පෙනුණ පුංචිත්තෙක්. හිම ගොඩේ එහෙ මෙහෙ
දුවද්දි, කිරි කෝප්පයකට වැටුණ කෝපි බිංදුවක් වගේ පෙනුණු මේ පුංචි වෘක පැංචා; එයාගේ
මේ පැහැය නිසා අනිත් සියල්ලන්ටම වඩා වෙනස්
විදිහට පෙණුනා. අනිත් සතුන්, ඔවුන්ගේ මිතුරු
හමුවකට, ඔවුන්ගේ ක්‍රීඩා හෝ සංවාද වලට කිසිම විදිහකට
පුංචි ෆුෆූව ඇතුළත් කර
ගන්නේ නැහැ. ඔවුන් ඔවුනොවුන් අතර කොඳුරන විදිහ සමහර විට ෆුෆූ බලා ගෙන ඉන්නවා.
ෆුෆූට නම් මේක හරිම අපහසුවක්. දඟවැඩ වලින් ඈත් වුනු ෆුෆූ, කැලෑව අද්දර පුංචි
ගුහාවක ජීවත් වෙන්න පටන් ගත්තා. ඒත් එයා හැමතිස්සෙම ප්‍රාර්ථනා කළේ, “අනේ, මටත්
අරගොල්ලෝ වගේ සුදුම සුදු හිම බෝලයක් වෙන්න තිබ්බා නම්” කියලයි.
