BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Mini Kids Stories |
Gul Bil Game Ambagasa
ගුල් බිල් ගමේ අඹ ගස
එක්තරා රටක විශාල නගරයකට ඈතින් ගුල්බිල් කියල ගමක් පිහිටල තිබුණ. ඉතින් මේ ගමේ එක ගෙදරක ඇල්ෆරායි කියල අවුරුදු හතරක් විතර වෙන පුංචි ළමයෙක් ජීවත් වුනා. ඉතින් මේ පුංචි ඇල්ෆරායි පරිසරයේ ගස් වලට, මල් වලට, පළතුරු වලට හරිම ආදරෙයි. ඔන්න එක අවුරුද්දක එයාගෙ පස්වන උපන්දිනය උදාවුනා. ඉතින් එදා පුංචි ඇල්ෆරායිට අපූරු අදහසක් පහළ වුනා. මෙයා වත්ත පහළට දුවල ගිහින් එයාලගෙ අඹ ගහ වටේට ඇවිද්ද. ඇවිදල කොහොම හරි අඹ ඇටයක් සොයා ගත්ත. ඉතින් මේ ඇල්ෆරායි අර අඹ ඇටයත් අරගෙන එයාල සෙල්ලම් කරන පිට්ටනියට දිව්ව. පිට්ටනියෙ මායිමේ එක කෙලවරක වලක් හාරල මේ අඹ ඇටය සිටෙව්ව. ඇල්ෆරායිට හරිම සතුටුයි. එයා හැමදාම මේ අඹ ඇටය සිටවපු තැනට වතුර දාන්න පුරුදු වුනා. එක දවසක් උදේ පාන්දරම ඇල්ෆරායි වතුර දාන්න යනකොට අඹ ඇටය සිටවපු තැනින් පුංචි දෙපියලි දෙකක් උඩට ඇවිත් තියෙනව දැන්න. ඇල්ෆරායිට හරිම සතුටුයි.
