For a creative society rich in knowledge through reading and writing.

mini short stories |

Kiri baba

කිරි බබා

By:

Gunasekara adhikari

(This Book Contains BTWN 100 - 500 words ~ Rs.50/=.)
1 Readers

සුමුදු නැන්දයි මාමයි හිටියේ හරිම දුකෙන්. ඊට හේතුව වුනේ ඒ දෙන්නට සුරතල් කරන්න පුංචි දුවෙක් හරි පුතෙක් හරි නැතිකම.
ඉතින් දවසක් සුමුදු නැන්දා මල් පහන් පූජාකරල නින්දට ගියා.පසුදා උදේ එයා නැගිට්ටේ හරිම සන්තෝසෙන්. සුමුදු මාමට මේක හරිම ප්‍රශ්නයක්. කවදාවත් නැතුව ඇයි  සුමුදු නැන්දා අද හරි සතුටින් ඉන්නේ කියල.
        අද ඔයා හරිම සතුටෙන් ඉන්නේ. මොකද ඒකට හේතු සුමුදු මාම ඇහුවා.
       සුමුදු මාමෙ මම ඊයේ රාත්‍රියේ නින්දෙන් හරි ලස්සන හීනයක් දැක්ක. සුමුදු නැන්දා කීවා.
         හා හරි හොදයිනේ. ඒ හීනෙ මටත් කියන්නකො.සුමුදු මාම කීව.
        සුමුදු මාමේ ඊයේ  රාත්‍රී සුදු පාට සළු පිළි වළින් සැරසුණු දේවතාවියක් ඇවිල්ල  මට අමුතු කතාවක් කීව. වැව ලග තියෙ බොධිය ලගට ගිහින් සුදුපාට මල් මාලා හතකින් බොධිය සරසන්න කීව.ඊට පස්සේ පැන් කල හතකින් බොධිය නාවන්න කීව,මල් පහන් පූජා කරල මට ලස්සන බබෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න කීව. දින හතක් මේ පූජාව කලහම හත්වෙනි දවසේ අපට ලස්සන කිරිපාට බබෙක් ලැබෙනව කීව. මේ කතාව අහපු සුමුදු මාමට හරි සතුටුයි. ඕක එච්චර ලොකු වැඩක්යැ. අපි අද හවසම පටන් ගනිමු. සුමුදු මාම කීව.
             ඒ කීව වාගේම සුමුදු මාමයි නැන්දයි දින හතක් එක දිගටම බොධි පූජාව කළා. හත්වෙනි දවසේ පුජාව තියල සුමුදු මාමයි නැන්දයි ගෙදර ආව විතරයි.ගෙදර තිබුණ නෙලුම් පොකුණ පැත්තෙන් කිරි දරුවෙක් හඩන හඩ ඇහුණ.සුමුදු මාමයි නැන්දයි ඒ පැත්තට දුවගෙන ගියා. හද එළිය නෙලුම් පොකුණට වැටිල.මුළු පොකුණම කිරිම කිරි පාටයි. ඒ පොකුණ මැද්දේ සුදුපාට නෙලුම් මලක් අතින්ගත් පුංචි කිරි බබෙක් හිටිය.
          සුමුදු නැන්දා පැනපු ගමන්  අනේ මගෙ දෙයියෝ දුන්න කිරි බබා කියලා අර දරුවා වඩාගෙන ඉඔගෙන ඉඔගෙන ගියා. එදා ඉදන් සුමුදු මාමයි නැන්දයි කිරි බබත් එක්ක හරි සන්තෝසෙන් ජීවත් වුණා.

            ගුණසේකර අධිකාරි.    අලව්ව.

No Reviews Yet.
You need to subscribe to this book in order to submit a review.