BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Novels Series |
Mata Huru Nethi Ran Kiri
මට හුරු නැති රන්කිරි
3 Readers
ඒ සද නැති රැයක්, පේරාදෙණිය විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේ ඉදිරිපස අසුනකට වී වේදිකාව දෙස බලා උන්නෙමි.
හැමදේම දරාගෙන
හැර නොයා නිසල වූ
හුදී ගැහැණියක් වෙමි මම
නුඹේ හදට උමතූ
සියලු ගැහැණු හදවත් තුළ වූ කිසිවෙකුට නොකී ශෝකාප්‍රාලපයෙන් බිදක් ඇය ගයා අවසන් කළාය.
දෙකොපුල් දිගේ හීනියට ගලා ගිය තුනී කදුලු බිදුවක් ඔහේ ගලායන්නට ම ඉඩ දී මම ඔහේ බලා උන්නෙමි.
" ටී....."
ඇය කියන්න ගිය දෙය දෙතොල් අතර සගවාගෙන
"අම්මා '' යැයි මගේ දෙපා නමැද පපුතුරේ මුහුණ හොවා ගත්තාය.
මගේ පපුවට දැනුණු ඒ සුසුම් වල හඩ වසර විසිදෙකක එහා අතීතයේ සියනැ අහස යටට මා කැන්දාගෙන ගියාය.