BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Mini Kids Stories |
Suranganaawiyange Thaagga
සුරංගනාවියන්ගේ තෑග්ග
දිව්‍ය ලෝකෙ ඉන්න සුරංගනාවියන් හොඳම හොඳ පුංචි ළමයින්ට ගොඩක් ආදරෙයි. ඉතින් දවසක් මේ පුංචි සුරංගනාවියන්ට හිතුන මේ ලෝකෙ ඉන්න කරුණාවන්තම ළමය හොයාගෙන එයාට තෑග්ගක් දෙන්න. ඉතින් මේ සුරංගනාවියන් ලෝකෙ දිහා හොඳින් බලාගෙන ඉන්නකොට හරිම පුදුම දෙයක් දැක්ක. ඒ තමයි ලංකාව කියන රටේ පුංචිම පුංචි ගෙදරක ජීවත් වෙන පුංචි ළමයෙක්, එයාගෙ අත්තම්මව නාවනව. මේ පුංචි ළමයගෙ අම්මයි තාත්තයි නැහැ. ඉතින් මේ පුංචි දරුව තමයි මේ අත්තම්මව බලාගන්නෙ. සුරංගනාවියන්ට මේ ළමයව දැකල ගොඩාක් සතුටු හිතුන. එක උදෑසනක සුරංගනාවියන් මේ ළමයගෙ ගෙදරට අපූරු තෑග්ගක් ගෙනාව. එළවලු පළතුරු වලින් පිරුණු ගෙවත්තක් මේ පුංචි ගෙදර වටේටම මවල දුන්න. ඉතින් එදා පටන් මේ පුංචි ළමය ගෙවත්තයි අත්තමවයි හොඳින් බලාගෙන සතුටින් ජීවත් වුනා.
