Mini Kids Stories |
The litle white worm
සුදුම සුදු පණු රාළහාමි
No Readers
ඔන්න යාළුවනේ ඈත ගමක සෝල් කියල ගොවි මහත්තයෙක් ජීවත් වුනා. මේ ගොවි මහත්තය ගොවිතැන් කරල තමයි ජීවත් වුනේ. ඔන්න දවසක් මේ ගොවි මහත්තය තමන්ගෙ ගොවි බිම කොටමින් ටික ටික ඉස්සරහට යනව. හැබැයි මේ සෝල් කියන ගොවි මහත්තයට මේ ගොවි බිම කොටන එකනම් ලේසි වැඩක් නෙවෙයි. මොකද දන්නවද. ඒ ගමට ගොඩාක් දවසකින් වැස්ස ඇවිත් නැති නිසා පොළොව ගොඩාක් වේළිලා. පස් හොඳටම තද වෙලා. ඉතින් මේ ගොවි ගොවි මහත්තයට බොහෝම වෙහෙසයි. ඔහුගේ අත්දෙකම ගොඩාක් තුවාල වෙලා. ඔහොම ඉස්සරහට බිම කොටාගෙන යනකොට ගොවි මහත්තය දැක්ක සුදුම සුදු චූටි බෝලයක් පස් උඩ තියෙනව.
