BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
mini short stories |
THE TOWN OF REDWELL
රෙඩ්වෙල් නගරය
දූවිල්ලෙන් හා අපිරිසිදු වාතයෙන් පිරුණු රෙඩ්වෙල් නගරය ඉතාමත් පොහොසත් මිනිසුන් පිරි නගරයක් වූයේ රටේ සංචාරක පිරිස් මෙහි පැමිණෙන නිසාවෙනි. මේ පොහොසත් පවුල් අතරින් කරුණාවන්තම සහ අනෙක් මිනිසුන් ගැන හිතන මිනිසෙකු වශයෙන් ජේම්ස් කාගේ අතරත් ප්‍රසිද්ධිය දිනාගෙන සිටියේය. ඔහුට මෙම නගරයෙ කඩසාප්පු සහ සංචාරකයන්ට නවාතැන් පහසුකම් ලබා දීමට සුදුසු නිවාසද අයිතිව තිබුණේය. කඩවසම් පුද්ගලයෙකු වූ ඔහු ලාබාල තරුණියක් හා විවාහ වී යුගදිවියට පා තබා තිබුණේ මින් වසර දෙකකට පමණ ප්‍රථමය. නමුත් ඔවුනට එකම කණගාටු දායක දෙය වූයේ තමාගේ ව්‍යාපාර හා දේපළ ඉදිරියට පවත්වාගෙන යාමට දරුවෙකු නොසිටීමය. ඒ නිසා ඔහු නවීන වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශ්වාසය තැබුවද එයින් කිසිදු පලක් නොවූවේය. එම නිසා ඔහු දැඩි මිත්‍යා විශ්වාසයන් මත කටයුතු කරන පුද්ගලයෙකු වීමට පුරුදු වූයේ තම බිරිඳත් සමඟය. ජේම්ස් තම ව්‍යාපාර ගොඩනැගූයේ තනිවම ඔහුගේම උත්සාහයෙන්ය. කුඩා කල සිට ඔහුට දෙමාපියන් සිටියේ නැත. ජේම්ස් වෙනත් නගරයකින් පැමිණ රෙඩ්වෙල් නගරයේ ධනවතෙකු වීම නිසා ඔහුගේ මෙම දියුණුවට මේ නගරයේ සිටි සමහර පුද්ගලයන් ඊර්ෂ්‍යා නොකළාම නොවේ.
