BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Short stories |
TOXIC MOM
විෂ අම්මා
ඉතාමත් අහිංසක සිතක් තිබූ තැනැත්තියෙකි. ඇය ජීවත් වූයේ ඇයගේ පුංචි අම්මාගේ නිවසෙහිය. පුංචි අම්මාත්,බාප්පත්,ඔවුන්ගේ දරුවන් දෙදෙනාත් එම නිවසෙහි ජීවත් වූහ. කිසිදු කරදරයක් හිරිහැරයක් නොමැතිව ඇය එම නිවසෙහි වාසය කළාය. නමුත් තම දෙමාපියන් සමඟ එක නිවසක ජීවත් වීමට කමනි ආශා කළත් ඇයට එම අවස්ථාව උදා නොවුණි. කමනි ඇයගේ පියාව කෙදිනකවත් දැක තිබුණේ නැත.කුඩා කල සිටම ඇයට පුංචි අම්මාගේ නිවසෙහි ජීවත් වීමට සිදු වූයේ කමනිගේ මවද රැකියාවක නිරත වූ බැවිනි. කමනි වෙනුවෙන් ඇයගේ මව මසකට වතාවක් පුංචි අම්මාට මුදල් එව්වාය. මසකට වතාවක් මුදල් ලැබුණද කමනිගේ මව පැමිණියේ මාස හතරකට පමණ වතාවක්ය. නමුත් එසේ පැමිණියද එක් දවසක්වත් තම මව සමඟ කාලය ගත කිරීමට කමනිට නොහැකි වූවාය. ඒ සිය මව රාත්‍රියේ පැමිණ පසුදා උදෑසනම පිටව යන නිසාවෙනි.
