BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Mini Kids Stories |
Urulaa Haamige Hinaawa
උරුලෑ හාමිගේ හිනාව
2 Readers
එක්තරා රටක මහා විශාල වනාන්තරයක් තිබුණ. මේ වනාන්තරයේ ලස්සන දිය ඇළි, දිය පහරවල්, මහා විශාල ගස් තිබුණ. ඒත් මේ වනාන්තරයේ ලොකු අඩුවක් තිබුණ. ඒ තමයි මේ ගස්වල මල්, ගෙඩි හැදුනෙ බොහෝම කලාතුරකින්. ඉතින් සත්තුන්ට ආහාර හොයාගන්න බොහෝම අපහසු වුනා. මේ වනාන්තරයේ ඉන්න සත්තු නිහඩව තනියමයි ජීවත් වුනේ. කවුරුත් කිසිම සතෙක් එක්ක හිනාවෙලා කතා බහ කරේ නැහැ. බිම බලාගෙන එහෙමෙහෙ ගියා. දවසක් මේ කැලෑවට කොහේ දෝ ඉදල උරුලෑ හාමි කෙනෙක් ආව. උරුලෑ හාමි නුවණක්කාර නිසා ටික දවසක් යද්දි මේ කැලෑවෙ සත්තු ජීවත් වෙන විදිහ තේරුණා. වනාන්තරයට වෙලා තියෙන දේත් තේරුණා.
