BOOKS CATEGORIES
- Middle Kids stories |
- mini short stories |
- Novels Series |
- Short stories |
- Educational |
- ♬ Poems |
- Mini Kids Stories |
- Artical |
- Research |
- S.F.T.W |
- School Students |
MOST POPOULER AUTHORS
Middle Kids stories |
walakulu pancho
වළාකුළු පැංචෝ
ඔන්න ඉතින් හඳ මාමා,එයාගෙ රාජකාරිය අවසන් කරල ඉර මාමාට එන්න කියල විවේක ගන්න පිටත් වෙලා ගියා.
‘‘ඉර මාමෙ මම එහෙනම් විවේක අරගෙන එන්නම්.මගෙ තරු පැටව් ටිකත් එක්ක ආයෙමත් එන්නම්”
‘‘හොඳමයි හඳ මාමි..මම එහෙනම් මටග් වැඩ ටික පටන් ගන්නම්”
ඉර මාමා ඔන්න පුරුදු විදියටම මුළු පරිසරයම ආලෝකමත් කරන්න සූදානම් වුණා.
ඉර මාමා හෙමින් හෙමින් පායාගෙන එනව දැකපු කුරුලු යාළුවො ටික බොහෝම සන්තෝසෙන් කීචි බීචි සිංදුව කියල කඩිසරකමින් දවස පටන් ගත්තා.
ඒත් එක්කම වළාකුළු යාළුවො ටිකත් අහස පුරාම සිනා සිසී කෙළි සෙල්ලම් කරන්න පටන් ගත්තා.
‘‘මේ යාළුවනේ…එන්න එන්න අපි අදත් රවුමක් යමු නේද? ගොඩක් ලස්සන දේවල් තියනවනෙ බලන්න”
‘‘ඔව්,ඔව් යමු යමු..මේ පුංචො පොඩ්ඩක් ඉන්න. මතක නැද්ද අපේ ඉර මාමා අපිට භාර දුන්නා ඊයෙ”
‘‘දවසම සෙල්ලමින් ගත කරන්න එපා කිවුවා.මේ ලෝකෙ ලස්සන කරන අහිංසක මල් වගේ ළමයි ගැන බලන්න කිවුවා.ඒ දරුවන්ට උදවු කරන්න කිවුවා”
‘‘අනේ ඔව් නේන්නම්..අපි සෙල්ලම් කරන ගමන් පුංචි යාළුවො ගැනත් බලමු”
‘‘ඔව්.අපි ඉක්මන් කරල යමු”